දොම්පේ වෙඩි තැබීමක්

ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් විවාහක යුවලක් තුවාල ලබා රෝහල්ගත කෙරේ.
පොලීසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 23 හැවිරිදි යුවළකි.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.