kandy news web
kandy news web

ගංජා ග්‍රෑම් 650 සමග සැකකරුවකු මාට්ටු

වැල්ලවාය - ජයන්ත වීරසේකර

0 126

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලි ගංජා ග්‍රෑම් හයසිය පනහක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මහයාය ඇතිලිවැව වැල්ලවාය ලිපිනයේ පදිංචි තිස් හය හැවිරිදි අයෙක් වන අතර සැකකරු ප්‍රදේශයේ ගංජා ජාවාරම් වලද නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

AD2

සැකකරු මෙම ගංජා ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කර ඇති අතර සැකකරු දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

සැකකරු සහ ගංජා තොගය අද(7) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More