kandy news web
kandy news web

බස් රථයක් අනතුරට

හැටන් - රංජිත් රාජපක්ෂ

0 151

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයත් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු දුරකථන රැහන්  සහිත කණුවක් කඩා වැටී ඇත.

 මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

AD2

අද (05) උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.

හැටන් සිට නොර්වුඩ් දක්වා හැටන් ටෙලිකොම් කාර්යයාලය මගින් ඇද තිබෙන දුරකථන රැහන්  කිහිපයක් දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයට පහත් වි තිබිම නිසා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ එම රැහන් පද්ධතිය පැටලි දුරකථන රැහන් කණුව බස් රථය මතට වැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර බස් රථයට සුළු අලාභ හානි සිදු වි තිබේ.

කඩා වැටුණු දුරකථන රැහන් පද්ධතිය මාර්ගයෙන් ඉන්  ඉවත් කරන ලෙසට ටෙලිකොම් කාර්යයලය වෙත දැනුම් දි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More