kandy news web
kandy news web

අභිමාණනීය ජාතික කොඩියේ අද දවස……….???

තෙරුණි ද සිල්වා

0 166

2019.02.04 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජය තම 71 වන නිදහස ආඩම්බරයෙන් යුතුව සමරයි.

ඒ වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික ස්ථානවල රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබිණි.

AD2

එනමුත් අද වන විට ජාතියේ උත්තමාචාරය වෙනුවෙන් එසවූ ජාතික කොඩියේ අව භාවිතය හේතුවෙන් අඵිමාණයක් නොවී සිතට කණගාටුවක් ඇති වන්නේ නිතැතිනි. එබැවින් ජාතික කොඩිය පිළිබඳ කණගාටුවෙන් යුතුව කතා කරන්නට සිතුනි.

1986 දී ජාතික කොඩිය පිළිබඳ සංශෝධිත රීති සංග්‍රහයක්‌ අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කරන ලදී

ජාතික කොඩියේ පණිවිඩය හා වැදගත්කම 

  • ප්‍රදර්ශනය කළ යුතු අවස්‌ථා
  • එළිමහනේ ප්‍රදර්ශනය කිරීම
  • පෙරහැරවලදී ප්‍රදර්ශනය කිරීම
  • වැරදි ලෙස ප්‍රදර්ශනය හා අවභාවිතය
  • එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ප්‍රදර්ශනය කිරීම 
  • පිටරට සම්භාව්‍ය පුද්ගලයන්ගේ සංචාරවලදී ප්‍රදර්ශනය කිරීම 
  • විදේශයකදී ප්‍රදර්ශනය කිරීම
  • ආයතනල දුම්රියල අහස්‌ යානා ආදියේ ප්‍රදර්ශනය             පිළිබඳ ඒ තුළින් කතා කරන්නට විය.

එහිදී ද ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා

  • කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය. 
  • ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ.
  • වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.
  • වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි.
  • ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය. 
  • කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.
  • ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය.
  • හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය. 
  • චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.
  • හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය.
  • මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.
  • ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය.
  • ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය.
  • කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය.
  • කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.
  • ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය.
  • ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ.
  • ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය.
  • ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක)
  • මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය.
  • ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය.
  • ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.
  • කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය.
  • කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය. 
  • කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ.
  • කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය.
  • ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය.
  • ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.
  • ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය.
  • ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය.
  • හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය.
  • පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. 

ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමක් ලෙස දැක්විය යුතුය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය ආරක්ෂා වන බැවිනි.

වර්තමානයේ එය එලෙස සිදු වනවාද යන්න සිතා බැලිය යුතුය. නසිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය. ඒ වෙනුවෙන් අප විසින් ගරු කිරීම ජාතියක් රටක් වෙනුවෙන් කළයුතුම වන්නන් නොවන්නේද?

ඔබත් නිවැරදි වන්න.. ඔබේ වරද ඔබ විසින් නිවැරදි කරගන්න. රටක් ලෙස ජාතියක් ලෙස ගොඩනැගීමට තම තමා විසින් අභිමාණනීය ජාතික ධජය නිවැරදිව භාවිත කරන්න. නිදහස් දිනය නිවැරදිව ආඩම්බරයෙන් සමරන්න.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More