kandy news web
kandy news web

කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

0 162

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 31) වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කල වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

AD2

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි පසුවන වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හී පදිංචි අයවලුන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

එමෙන්ම මේ වන විට පසුගිය ජනවාරි මාසය තුලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 527 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බව නාවිකා හමුදාව ප්‍රකාශ කරයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More