කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් අනුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කෙරේ.
ප්‍රමාදය වළක්වා ගැනීමේ කෙටි කාලීන විසඳුමක් ලෙසට ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවලට අදාලව මඟ පෙන්වන්නන් ගුවන් තොටුපොළෙහි විවිධ ස්ථාවනවල යොදවන ලෙසටත්, උපදෙස් දැන්වීම්, විද්‍යුත් වර්ණ සංඥා ගුවන් තොටුපොළේ අවශ්‍ය ස්ථානවල සවි කරන ලෙසටත් මෙහිදී අමාත්‍යවරයා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමට වැඩිදුරටත් එතුමන් විසින් දන්වා සිටී.