kandy news web
kandy news web

තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ පාර්ලිමේන්තුක්‍රමයේ පරමාදර්ශයක්

චමින්ද ගමගේ

0 156

ගෙවී ගිය කාලයේ ඇති වූ සිදුවීම්දාමය මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ජනිත කල නමුත්, අවසානයේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව විසදාගැනීමට හැකිවීම රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, පාර්ලිමේන්තු ක්‍රමයේ  පරිතන  පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුල හිමි ගෞරවය එලෙසම පවතින  බවත්” කථානායක කරු ජයසුරිය මහතා පවසයි. 

කරු ජයසුරිය  මහතා  මෙම  අදහස්  දැක්වූයේ  පසුගිය (28)  සඳුදා  ආණමඩුව “සුදම්පාය”ශ්‍රවණාගාරයේදී පැවැති “ජනඅරගලයට යුක්තිය” උපහාර උළෙලහි ප්‍රධාන  ආරාධිතයා ලෙස එක් වෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමෙහිලා අරගලයට සහභාගිත්වය දැක්වූ ජනතා නියමුවන්ට උපහර පිදීම සඳහා පුත්තලම  දිස්ත්‍රික් සහභාගීත්ව සංවර්ධන පදනම  විසින් මෙම ඇගැයීම් උළෙල සංවිධානය කර තිබිනි.

AD2

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More