ලංගම රියදුරෙකුට ප්‍රහාරයක් – රියදුරුට බරපතලයි
වැල්ලවාය - ජයන්ත චන්ද්‍රසේකර

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී ඊයේ (29)පස්වරුවේ බදුල්ල සිට බුත්තල දක්වා ධාවනය වන ලංගම බස් රථයේ රියදුරුට යකඩ පොලු වලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙන බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය පෞද්ගලික බස් රථයක සේවකයන් දෙදෙනකු විසින් සිදු කර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
බස් රථය ගමන් වාර නිම ඩිපෝවට භාර දීම සදහා යමින් සිටියෙදී බස් රථයේ දොරවල් බලහත්කාරයෙන් විවෘත කර මෙම පහරදීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලැබූ රියදුරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව මොනරාගල මහ රෝහල දක්වා වැඩි දුර ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇත.
පහරදීම සිදු කල සැකකරුවන් ද ලංගම රියදුරු තමන්ට පහර දුන් බව පවසා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව වැල්ලවාය පොලිසිය කියයි.