පළමු දා සිට සතියක් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්යාපාරික ස්ථානවල රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්රදර්ශනය කරන්නැයි රජය ඉල්ලා සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.
ලබන 04 වනදා ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයාගේ මෙන්ම මාලදිවයින් ජනපතිගේ ප්රධානත්වයෙන් ජාතික දින සැමරුම ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර ජාතික දිනය වෙනුවෙන් වු පෙරහුරු හේතුවෙන් අනිද්දා සිට ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසියදැනුම් දෙයි.