kandy news web
kandy news web

දේශීය ගොවියා රැකගන්න ලොකු ලූණු ආනයනය කිරීමටත් සීමා පැනවෙන ලකුණු

0 175

මෙරට ලූණූ ආනයනය කිරීම සඳහා කෝටා ක්‍රමයක් ඉදිරියේදී ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය  ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්චියාගම ජයගම පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

AD2

ඉදිරියේදී මුං ඇට , කව්පි , කුරක්කන් ඇතුළු බෝග සඳහා ආනයනය සීමා කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය කළේය. 

මෙවර මහ කන්නය සඳහා වී අලෙවි මණ්ඩලයෙන් ගබඩා 220 ක්ද පුද්ගලික අංශයේ ගබඩා 1500කට ආසන්න ප්‍රමාණයක් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කරන බවද , පෞද්ගලික සමාගම් වෙත ඇපකර ණය රාජ්‍ය බැංකු මාර්ගයෙන් නිකුත් කර නියමිත මිලට රු. 38ට නාඩු ද , රු.41ට සම්බා ද මිලට ගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අධීක්ෂණ කමිටු පත්කරන බවද , එසේ නොකරන සමාගම් වෙත නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More