kandy news web
kandy news web

මහින්ද දේශප්‍රිය ඉල්ලා අස්වෙයිද?

0 180

නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වුවහොත්, තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය මහතා කොළඹ අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කරයි.

දැනට පවතින නීතිමය තත්වය මත පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

AD2

ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කර සම්මත කර ගැනීම කළ යුතු වේ.

දැනට පවතින තත්වය මත රටේ ඕනෑම පුරවැසියෙකුට පළාත් සභා ඡන්දය නොපවත්වා තිබීමේ තත්වය මත මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ හැකි බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

ඒ අනූව ඉදිරිපත් වෙන ඕනෑම පෙතසමක් සඳහා මැතිවරණ කොමිසමමේ සභාපති ලෙස ඉදිරිපත් වී කරුණු දැක්වීම සිදුකරන බව ද ඔහු අවධාරණය කරනු ලැබීය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More