kandy news web
kandy news web

දක්ෂිණ අධිවේගයේ බද්දේගම පිවිසුම අවහිර කරමින් උද්ඝෝණයක්

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම

0 175

ගිං ගඟින් යැපෙන්නන්ගේ එකමුතුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම් මාර්ගය අවහිර කරමින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (23) උද්ඝෝෂණයක නිරත ව තිබෙනවා.

උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ගිංඟේ තෝරාගත් ස්ථාන කිහිපයක හෝ වැලි ගොඩ දැමීමට අවසර ලබාදෙන ලෙසයි. එසේම තමන් ජීවත් වූයේ ගිං ගඟෙන් වැලි ගොඩදමා සහ වැලි ප්‍රවාහනය කර බවත් දැන් අන්ත අසරණව සිටින බවත් උද්ඝෝෂකයන් කියා සිටියා.

AD2

“දැන් අපට ජීවත් වෙන්න විදීයක් නැහැ. එදා රුපියල් 4000ට තිබුණු වැලි ලොරීය අද 14000 ක් වෙලා. අවසරදීමට මුදල් ගත්තා, ඒත් තවම අවසර නෑ. මේ නීතිය ගිංගඟ ට විතරද” යනාදී විරෝධතා පුවරු මෙහිදී දකින්නට ලැබුණු බවයි රටවටා නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

අනතුරුව උද්ඝෝෂකයින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් ශ්‍රියානි එන්. විතාන මහත්මිය හමුවූ අතර ඉක්මන් විසඳුමක් ලබාදීමට බලධාරීන් දැනුවත් කරන බවට ප්‍රකාශ කිරීමත්  සමග  උද්ඝෝෂණය නිමාවට පත්ව තිබෙනවා.     

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More