ශ්‍රී පාද තරණයට ගිය විදේශිකයන් ඇතුලු 15කට බඹර ප්‍රහාරයක්

ඇල්ල පුංචි ශ්‍රිපාද කදු පන්තිය තරණය කිරීමට ගිය සංචාරකයන් 15 දෙනෙකුට බඹර ප්‍රහායක් එල්ල වී ඇත.
මෙහිදී විදේශිකයන් දස දෙනෙකු හා ශ්‍රී ලාංකික සංචාරකයන් පස් දෙනෙකු මෙලෙස අනතුරට භාජනය වී ඇත.
අද පෙ.ව.11.30 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර බඹර ප්‍රහාරයට ලක් වූ පිරිස දෙමෝදර ප්‍රදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
ශ්‍රී පාද කදු වැටියේ ගසක තිබූ බඹරයක් ඇවිස්සීමෙන් පසු මෙම තත්වය ඇති වී ඇති බව වාර්තා වේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් කණ්ඩායමක් විිසින් මෙම තත්වය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.