kandy news web
kandy news web

කාර් රථයක් මාළු ලොරියක ගැටී හයක් මරුට

0 121

කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පාලම ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. 

පොලිසිය පැවසුවේ අද(20) අලුයම 3.15ට පමණ හලාවතට දෙසට ධාවන වූ කාර් රථයක් එම දිශාවටම ධාවන වූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 

AD2

අනතුරෙන් කාර් රථයේ රියැදුරු ඇතුළු ගමන් කළ පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව සහ මාරවිල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. 

එලෙස ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු මීගමුව රෝහලේද තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේද ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

මෘත දේහයන් හතරක් මාරවිල රෝහලේ සහ දෙකක් මීගමුව රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More