kandy news web
kandy news web

පොලිස් සිර මැදිරියේ සිටි පුතාට හෙරොයින් ගෙන ආ පියෙක් මාට්ටු වෙයි

0 103

මැදගම පොලිස් ස්ථානයේ සිර මැදරියේ රඳවා සිටි සැකකරුවකු සඳහා සැකකරුගේ පියා විසින් හෙරොයින් ලබාදීමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මැදගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පියෙක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි. 

AD2

මොණරාගල, මැදග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් බිබිල අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයකු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනතුරු මැදගම පොලිසියේ සිර මැදිරියේ රඳවා තබා ඇති අතරතුර සැකකරුගේ පියා සිය පුතා බැලීමට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණ ඇති පියා සැකකරුට සරමක්  ලබාදෙන මුවාවෙන් සරම තුළ සඟවා හෙරොයින් ලබාදීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සැක සිතූ පොලිස් නිලධාරීන් එම සරම පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් හතළිහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව සිය පුත්‍රයා බැලීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සහ ඔහුගේ 28 හැවිරිදි පුත්‍රයාද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය විමර්ශන සිදු කරයි. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More