රනිල් වික්‍රමසිංහ චරිතාපදානය

චීන බසින් ලියවුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය පිරිනැමීම අද (18) දින අරලියගහමන්දිරයේදී සිදුකෙරිණි.
සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය බෙයිජිං හි යැන්ශි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසිනි.
ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.