මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

රන්න කහදාව ප්රදේශයේ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න වාඩිගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බස් රථයේ රියදුරු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.