යහපාලන ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා සොයන්න ජනපති කොමිසමක්

2015 ජනවාරි මස පහළොස් වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කොමිසන් සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබෙනවා.
අදාළ ජනාධිපති කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන උපාලි අබේරත්න මහතා පත් කර ඇති අතර ඊට අමතරව තවත් සාමාජිකයන් හතර දෙනෙකු මෙම ජනාධිපති කොමිසමට පත් කර තිබෙනවා.
අදාළ කාල සීමාව තුළ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා කෙරෙහි අවධානය යොමු කිරීම මෙම කොමිසමේ අරමුණ වනවා