kandy news web
kandy news web

වෑන්රියක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාලිත ආරියවංශ - බදුල්ල

0 105

කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි. 

තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි ලුනුගල පොලිසිය පවසයි.

AD2

අද අලුයම 4 යි 30 ට පමණ ලුනුගල විසි හතර කණුව ප්‍රදේශයේ දී අනතුර සිදු වී ඇති බව වාර්තා වෙයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හතළිස් අටක පමණ පුද්ගලයෙකි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් හත් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බවයි.

ඔවුන් ලුනුගල දිසා රෝහලට සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More