kandy news web
kandy news web

අහංගමින් පැහැරගෙන ගිය ව්‍යාපාරිකයා දක්ෂිණ අධිවේගයේදී බේරා ගනියි

0 102

ව්‍යාපාරිකයකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ සැකකරුවන් තිදෙනෙකු බවත් පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයා අහංගම ප්‍රදේශයේ අයෙකු බවත් පොලිසිය පවසනවා.

AD2

අදාළ ව්‍යාපාරිකයා අහංගම නගරයේ ව්‍යාපාරිකයකු වන අතර මෝටර් රථයක දමාගෙන පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොළ නිලධාරීන් විසින් ව්‍යාපාරිකයා බේරාගෙන අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඉමදූව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සැකසහිත මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන යමින් සිටින බව අනාවරණ වී තිබෙනවා.

පසුව සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ව්‍යාපාරිකයා නිදහස් කරගෙන තිබෙනවා.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More