kandy news web
kandy news web

රටවටා තෛපොන්ගල්

0 204

සූර්ය දෙවියන් උදෙසා නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් පූජාවන් පැවැත්වීම සිදු කෙරෙන තෛපොංගල් දිනය සැමරීම උතුරේ හින්දු බැතිමතුන් අද(15) මහත් හරසරින් සමරනු ලැබීය.

ගොවිතැන හා බැඳුනු ජිවිතයක් ගෙවනු ලබන හින්දු ජනතාව තම අස්වනු සරු කර ගැනීම උදෙසා උපකාර කළ සූර්ය දෙවියන් උදෙසා කෘතගුණ දැක්වීම වෙනුවෙන් නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් නැවුමි මුටිටියක,හකුරු හා නැවුමි එළකිරි යොදා කිරි ඉතිරවීම තෛපොංගල් දිනයේදි සිදු කරනු ලබයි.

AD2


සෞභාග්‍ය සංකේතවත් කරමින් තෛපොංගල් දින  නෙළාගත් පළමු අස්වැන්න සූර්ය දෙවියන් උදෙසා පූජා කිරීම තෛපොංගල් දීනයේදි සිදු කරනු ලබයි.

තම නිවාසයන් හා ව්‍යාපාරික ස්ථාන ඉඳිරිපස කිරි උතුරවා ආගමික වතාවත්වල නියැළෙමින් හින්දු ජනතාව තෛපොංගල් දිනය සැමරූහ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More