kandy news web
kandy news web

පේදුරුතුඩුවේ මිනීමැරුමක්

0 83

2019.01.13 (ඊයේ) වන දින රාත්‍රි 7.30ත් 8.00 ත් අතර කාලයේ පේදුරුතුඩුව පොලිස් වසමේ තන්නිපන්දල් අඩි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇත.

මරණකරු අවුරුදු 22ක්වූ කට්කෝවලම්, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි අමල්කරන් යන අය වේ.

AD2

මරණකරු විසින් පෞද්ගලික හේතුවක් මත ත්‍රීවිල් රථ රියදුරකු වෙත සිදුකර පහරදීමක් හේතුවෙන් ඔහුගේ පියා සහ තවත් පිරිසක් මොහුට පොලු සහ පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇත.

පහරදීමෙන් තුවාල ලැබීමෙන් පසු මන්දගායි රෝහල වෙත ඇතුල් කිරිමෙන් අනතුරුව මොහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More