kandy news web
kandy news web

කොළඹ මුද්දර දැක්ම 9 වනවරටත් අද සිට

0 107

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන ‘‘කොළඹ මුද්දර‘‘ දැක්ම අද (14) පෙරවරු 9ට ආරම්භ කෙරුණා. 9 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම මුද්දර දැක්ම අද, හෙට සහ අනිද්දා යන තෙදින පුරා උදෑසන 9 සිට සවස 6 දක්වා කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මේ සඳහා මුද්දර අලෙවිකරුවන් 25 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතයි. 2015 වසරේදී නිකුත් කරන ලද මුද්දර මිලදී ගැනීමට ඇති අවසාන මුද්දර දැක්ම ද මෙය වන අතර ඔබේ විනෝදාංශ හා බැදුණු දුර්ලභ දෙස් විදෙස් මුද්දර, කාසි, නෝට්ටු ආදී අයිතමයන් මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය පවසන්නේ.
එසේම ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය මෙම දිනවලදී විවෘතව පවතින අතර එය නැරඹීමේ අවස්ථාවද මහජනතාවට උදාවනවා.
එසේම පාසල් නිවාවඩු සමයේ පැවැත්වෙන මෙම මුද්දර දැක්මට පැමිණ පහසු මිලට මුද්දර මිලදී ගැනීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙසට මුද්දර කාර්යාංශය පාසල් ළමුන්ට විශේෂයෙන්ම ආරාධනා කර සිටිනවා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More