නාඋල – සේරුදණ්ඩාපොලින් හමුවු ඉපැරණි ගල් ගුහාවේ තොරතුරු රැසක් හෙළිවේ
ඉන්දික අරුණ කුමාර - නාඋල

ඉකුත් දා මාධ්‍ය මගින් හෙළිකරනු ලැබූ නාවුල සේරුදණ්ඩාපොල පැරණි ගල්ගුහාව සම්බන්ධයෙන් නාඋල පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගවේෂනයක් සිදු කළේය.
එහිදී නාඋල පොලිසිය මගින් සිදකරන ලද දැනුවත් කිරිමකට අනුව ඊයේ පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිලධාරින් පිරිසක් සේරුදණ්ඩාපොල ගල් ගුහාව නිර්ක්ෂණය කළේය.
එහිදී සේරුදණ්ඩාපොලින් සොයා ගනු ලැබු ඉපැරණි ගල් ගුහාව “ හිරි ළඹ ගුහා ” විශේෂයට අයත් ගුහාවක් බව පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ ප්‍රාදේශිය පුරා විද්‍යා කාර්්‍යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා විසින් ඊයේ (10) ප්‍රකාශ කළේය
මෙය ස්වභාවිකව නිර්මාණය වු ගුහාවක් බව මේ පිළිබඳ තොරතුරු දක්වමින් එතුමා තවදුරටත් සඳහන් කරන්නට විය.
ගුහාවේ පාෂාන අධ්‍යනයේ දී හුණු ගල් වලින් නිර්මාණය වු ගුහාවක් බවට ද තහවුරු වු බව හෙතෙම කියා සිටියේය.