kandy news web
kandy news web

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක

මාධව කුලසූරිය - වවුනියාව

0 89

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අද(10) උදෑසන ඉරණමඩු ජලාශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිණ.

ප්‍රදේශයේ ජනතාවගේ ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබු අතර, නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් කිළිනොච්චි දිසාපති කාර්යාලයේ රැස්වීම සඳහා සහභාගි විණ.

AD2

ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ  සියලු දෙනාගේ කැපවීම පිළිබඳව ආණ්ඩුකාරතුමන් සියළුදෙනා වෙත ස්තූතිය පිරිනැමීය.

ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා එහි ඇති අඩුපාඩුකම් සොයා බැලූ අතර ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව නිළධාරීන් පැමිණ අඩුපාඩු සොයා නොබැලීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කල අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරීන් ජලාශය ස්ථානයට පැමිණිය යුතු බව දැන්වීය.

ඉරණමඩු ජලාශයේ නඩත්තු කටයුතු කිරීම සහ පවත්වා ගෙන යාම ආයතන දෙකක මැදිහත්වීමෙන් සිදු කරන අතර එහි කිසිදු නිලධාරියෙක් මේ වන තෙක් එහි පැමිණ සොයා නොබැලීම පිළිබඳව ආණ්ඩුකාරතුමා ඔවුන්ට අප්‍රසාදය පළ කර කළේය.

මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ආණ්ඩුකාරතුමන්හට ලබාදීමට කටයුතු කරන ලෙස දන්වා සිටි අතර ඉරණමඩු ජලාශයේ නඩත්තු කටයුතු කිරීමට අදාළ සියලු නිලධාරීන් සෑම දින 05කට වරක්ම පැමිණිය යුතු බවට ආණ්ඩුකාරවරයා නියෝග කර සිටියේය.

නිරීක්ෂණ චාරිකාව සඳහා ආණ්ඩුකාරවරයාගේ ලේකම් එල්- ඉලංගෝවන් මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More