kandy news web
kandy news web

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් නොවූ විදුලි ව්‍යාපෘති ඇමති රවීගේ අවධානයට

ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නිළධාරීන්ට උපදෙස්

0 105

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතීන්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමු ව තිබේ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවූ අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘති ප්‍රගතිය පිළිබදව ඊයේ (09) කරුණු විමසූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ.

AD2

එහිදී මේ වන තෙක් වැඩ අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට නොහැකිවීමට බලපෑ හේතු පිළිබඳ සවිස්තර වාර්ථාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ වනවිට ඉදිකිරීමට යෝජිත සියලු ව්‍යාපෘති හැකිතාක් කඩිනම් කළ යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංවිම සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූ බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැකවෙන්නේ.

 

 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More