නීති විරෝධීව ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
ධිවර කටයුතු සඳහා භාවිත කර ඇති ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.
නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි .
එම පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා “ උත්තර ” ආයතනය වෙත වෛද්‍ය පරීක්ෂනයක් සඳහා රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කර තිබේ.