kandy news web
kandy news web

මහනුවර ප්‍රදේශයේ හදිසි ගින්නක් – තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලට

හේරත් ඒකනායක - මහනුවර

0 200

අද උදෑසන මහනුවර කාසල් පටුමගේ පෞද්ගලික ආයතනයක හට ගත් හදිසි ගින්න ‌‌මේ වන විට නිවා දමා තිබෙනවා.

ගින්නෙන් සුළු තුවාල ලැබූ ‌දෙදෙනෙකු මහනුවර මහ ‌රෝහල ‌වෙත  අැතුළත් කර ඇති බවයිි රටවටා  නිව්ස් වාර්තාකරු කියා සිටියේ. 

AD2

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. 

ප්‍රදේශවාසීන්, පොලිසිය සහ මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදා ගනිමින් ගින්න මැඩ පවත්වා තිබෙනවා. 

මහනුවර මහ නගර සභා ගිනි නිවීම් ඒකකය කියා සිටියේ ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් උපයෝගී කර ගත් බවයි.

එසේම ගින්නට කොටු වී සිටි දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගිනි නිවීමේ භටයන් සමත්ව තිබෙනවා. 

ගින්නෙන් තුවාල ලබා ඇත්තේ ඉහළ මාලයේ පදිංචිව සිටි එකම පවුලේ සැමියා සහ බිරියයි. ගිනි නිවීමේ භටයන් විසින් බේරා ගනු ලැබුවේ ඔවුන්ගේ දරුවන්ය.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More