kandy news web
kandy news web

එල්ලේ තරගය අතරතුර මූදලට බූරු ගැසූ ක්‍රීඩකයෙක් ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට

චන්දන ප්‍රනාන්දු - නයිනමඩම       

0 76

උදාසිරිගම පිට්ටනියේ එල්ලේ තරඟයක් පැවැත්වෙමින් තිබු අතරතුර එහි ස්ථානයක මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි එල්ලේ  ක්‍රීඩකයෙක් ඇතුලු  6 දෙනෙක්ව මුදල් සමග ඊයේ (06) සවස සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල උදාසිරිගම හා සිරිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

AD2

උදාසිරිගම පිට්ටනියේ පිරිසක් මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත සිදු කළ වැටලීමේදි එම ස්ථානයේ ඔට්ටුවට දමා තිබු රුපියල් 400ක මුදලක් බූරු කූට්ටමක් සමග සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් එහි සිටි තවත් පිරිසක් වැටලීම සිදුවන අවස්ථාවේදි එහි තිබු මුදල්ද රැගෙන පලාගිය බවත් ඔවුන්ව සොයා පරික්ෂණ සිදුකරන බවද පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් අතර පිට්ටනියේ එල්ලේ තරඟයට සහභාගි සිටි කණ්ඩායමක ක%sඩකයෙක්ද සිටි බවත් ඔහු තම කණ්ඩායම පන්දුවට පහරදෙන අතරවාරයේ මෙලෙස මුදල් ඔට්ටුවට බූරුවා ගැසිමට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

වෙන්නප්පුව පොලිස් අධිකාරි අර්නස්ට් පෙරේරා මහතාගේ අධික්ෂණයෙන් මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක හැරල්ඩ් රොෂාන් මහතාගේ උපදෙස් පොලිස් නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.    

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More