නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි
ඌවට කීර්ති තෙන්නකෝන්, සබරගමුවට ධම්ම දිසානායක සහ උතුරට සුරේන් රාගවන්

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද(07) දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ඌව, සබරගමුව සහ උතුරු පළාත වෙනුවෙන් මෙම නව පත් කිරීම් සිදු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන් අතරින් ඌව පළාත සඳහා කීර්ති තෙන්නකෝන් මහතා පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා පත් කර තිබෙන්නේ සබරගමුව පළාත් සභාව සඳහායි.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබුවේ ආචාර්ය සුරේන් රාගවන් මහතායි.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා(04) දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා.
මෙලෙස නව ආණ්ඩුකාවරුන් පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියලුම ආණ්ඩුකාවරුන්ට ඉල්ලා අස්වන ලෙසට කර තිබූ දැන්වීම හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ ධුරයන් සඳහායි.