kandy news web
kandy news web

යළි කිසිදු දිනක අධ්‍යාපන අමාත්‍යංශය භාර ගන්නේ නෑ 

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

0 80

තමා යළි කිසිදු දිනක අධ්‍යාපන අමාත්‍යංශය භාර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ (06) සහභාගි වෙමිනි. 

AD2

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපන ක්‍රමයට, පාසල්වලට හෝ විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වීමට ඉඩ නොතබන බවයි.

එසේම රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සහ ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමෙන් ගම්බද පාසල් සිසුන්ට අසාධාරණයක් සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නා.  

එසේම තමා අධ්‍යාපන අමාත්‍ය ධුරය දරණ වකවානුවේදී රජයේ ආධාර ලබන පාසල් 78ක් තිබූ බවත් එය 105 දක්වා වැඩි වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවත් කියා සිටියා. 

නිදහස් අධ්‍යාපනයක් පවතින අපගේ රටේ පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාස්ල එම ක්‍රමයට ඇතුළත් නොවන බවත් සාමගම් පනත යටතේ ඕනෑම අයෙකුට පෞද්ගලික පාසලක් ආරමභ කිරීමට හැකියාව ඇති බවත් කියා සිටියා. 

එවැනි පාසල්වල අධ්‍යාපන ලබන සිසුන් සමග තමාගේ කිසිදු තරහක් හෝ වෛරයක් නොමැති බවත් ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල සමග රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමට විභාග කොමසාරිස්වරයාට කිසිදු අයිතියක් නොමැති බවද කියා සිටියා.

එසෙම තමා ගොඩනගන තර්කය ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකට අර්ථ කථනය කළ හැකි බවද කියා සිටියා. 

කවුරුන් කෙසේ කුමක් පැවසුවද  නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කළ යුතු යැයි යන මතයේ තමා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More