දැරියක ඝාතනය කළැයි අඹූසැමි යුවලක් සැකපිට අත්අඩංගුවට
පාලිත ආරියවංශ - බදුල්ල

වසරකට පෙර වවුනියාව සෙට්ටිකුලම් ප්රදේශයේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක් ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය විසින් සැකපිට අඹුසැමි යුවලක් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ දැරියගේ මෘත දේහය හාලිඇල සාර්නියාවත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිට එළවළු වගා බිමක තිබිය දී සොයා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට පත් වූ සැකකරියගේ සහෝදරියක් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
බදුල්ල මහේස්ත්රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනයේ මෘත දේහය වල දැමූ ස්ථානයේ කැනීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.