ත්රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව

ශ්රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ත්රිපිටකය ශ්රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික මහා පුණ්යෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවත්වීමට නියමිතයි.
මෙම ඓතිහාසික මොහොත වෙනුවෙන් ජාතික යුතුකමක් ලෙස රාජ්ය/පෞද්ගලික ආයතන, විහාරස්ථාන වල හා සිය නිවෙස් වල බෞද්ධ කොඩිය ප්රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.