kandy news web
kandy news web

පනපිටින් තම සිගිතියව ගෙවත්තේ වල දැමූ මව අත්අඩංගුවට

රංජිත් රාජපක්‍ෂ - හැටන්

0 171

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමු සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හැටන් පොලිසීය මගින් අද (03) දින අත්අඩංගුවට ගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ.එල්.එම්. ජෙමිල් මහතා පැවසීය. 
හැටන් පොලිස් වසමට අයත් යුනිෆීල්ඞ් වතුයායේ පදිංචි 28 හැවිරිදි සැකකාරිය විසින් ඊයේ (02) දින පෙරවරු 11 පමණ සිගිති දියණියට මවි කිරි ලබා දීමේදී එකවරම ජීවිතක්‍ෂයට පත් වූ බව පවසමින් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුල් වීමෙන් පසු බිලිදු මළ සිරුරේ ගෙලවට පස් තැවරී ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී සැමියා සමඟ පැවති ආරවුලක් හේතුවෙන් සිගිතිය පන පිටින් ගෙවත්තේ වල දැමූ බව පාපොච්චාරණය කර ඇති බව විමර්ෂණ සිදු කරන නිළධාරින් කියා සිටී. 
මෙම ඝාතනයට අනුබල දීම වසන් කිරීම සම්බන්ධයෙන් සැකකාරියගේ මව ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිනියන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීිසිය පවසයි. 
මිය ගිය සිගිතිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය දික්ඔය මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More