මහනුවරට එන සංචාරකයන්ගේ ආරක්ෂාවට පොලිසිය ගත් අලුත් පියවර

මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා පාපැදිවලින් ගමන් ගන්නා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක වැඩසටහනක් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්. සිසිර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සංචාරක පොලිස් ඒකකය විසින් ආරම්භ කර තිබෙනවා.
මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එය නිල වශයෙන් ආරමිභ කිරීම මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්. සිසිර කුමාර මහතා විසින් මහනුවර සංචාරක පොලිස් ඒකකය අසලදි සිදු කරනු ලැබුවා.
ආරම්භයක් වශයෙන් මෙම ආරක්ෂිත වැඩසටහන සඳහා පාපැදි 6ක් යොදා ගන්නා බවත් අවශ්‍යතාවය මත මෙය තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියා.