දෙපිරිසක් ගැටි අට දෙනෙක් රෝහලේ
ප්රසාද් පූර්නිමාල් - වෙන්නප්පුව

පුත්තලම නොරෝච්චෝලේ දළුව ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලැබු අට දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පුත්තලම රෝහල වෙත ඇතුළත් කර මෙම තුවාලකරුවන් අට දෙනාගේ කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ගම්මානයේ පදිංචිකරුවන් අතර ඊයේ (01) සවස හටගත් ගැටුම රාත්රිය වනවිට උග්ර තත්වයට පත්ව තිබෙනවා.
පසුව ගැටුමට සම්බන්ධ පාර්ශව විසින් කඩු සහ පිහිවලින් ප්රහාර එල්ල කර ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාල සිද්ධියෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලේ සහ කල්පිටිය දිසා රෝහලේ ගිලන් රථ අදාල ගැටුම සිදුවු ස්ථාන වෙත කඩිනමින් ගෙන්වා තුවාලකරුවන් පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් තුවාල ලැබූවන්එගෙන් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වනවා.