kandy news web
kandy news web

කළුතර වෙඩි තැබීමකින් අයෙකුට තුවාල

0 114

කළුතර ගාලුපාරේ තොටුපල හන්දිය ප්‍රදේශයේදී ඊයේ(01) රාත්‍රී 10.35ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර ගාලුපාර තොටුපල හන්දිය ප්‍රදේශයේ සිතුමිණ හෝටලය ලිපිනයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු. කාර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාලකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

AD2

පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More