kandy news web
kandy news web

නගරාධිපතිගේ තීරක ඡන්දයෙන් මහනුවර මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි

හේරත් ඒකනායක - මහනුවර

0 174

මහනුවර මහනගර සභා 2019 අය වැය අද දින 2 වන වරටත් ඉදිරිපත් කල අවස්ථාවෙිදි නගරාධිපතිතුමන්ගේ තීරක ජන්දයයෙන් සභා සමිමත වී තිබෙනවා. 

මිට පෙර පළමු වතාවෙිදී අයවැය ඉදිරිපත් කිරීමෙිදී වැඩි ජන්දයෙන් එය පරාජයට පත් විම හේතුවෙන් පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂ නගරාධිපති කේශර සේනානායක මහතා විසින් අද (31) 2 වරටත් එය සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

AD2

අද දිනයේ දිරිපත් කළ අයවැයටද විරෝධය පළ කරන බව විපක්ෂ නායක සේන දිසානායක මහතා කියා සිටියා. 

ඒ අනුව ජන්දයකට ගිය නගරාධිපතිවරයා අයවැයට පක්ෂව පලමුව ජන්දය විමසා සිටියා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් හා මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ මන්ත්‍රීවරයා සමග නගරාධිපති කේශර සේනානායක මහතා ද අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළා. ඒ අනුව පක්ෂව ජන්ද 20 ක් ලැබී තිබෙනවා.

ඉන් පසුව අයවැයට විරුද්දව ජන්දය විමසා සිටිමෙි දි පොදුජන එක්සත් පෙරමුන හා එක්සත් ජනතා නිදහස් සංධාන මංත්‍රින් විපක්ෂව ජන්දය ප්‍රකාශ කිරිමෙි දි පොදුජන එක්සත් පෙරමුන 16 ක් හා  එක්සත් ජනතා නිදහස් සංධාන මංත්‍රින් 3 ක් එක්ව ජන්දය ප්‍රකාශ කරමින් විපක්ෂව ජන්ද 19 ක් ලැබුණා.

පසුගිය වර අයවැයට විපක්ෂව ජන්දය දුන් ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රීන් දෙදෙනා අද දින සභාවට පැමිණ සිට නැහැ.

ඒ අනුව වැඩි ජන්ද එකකින් මහනුවර මහනගර සභාවෙි 2019 අය වැය අද දින සභා සමිමත වු බව නගරාධිපති කේශර සේනානායක මහතා ප්‍රකාශ කළා.

පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් නගරාධිපති කේශර සේනානායක මහතා ප්‍රකාශ කළේ 2019 වසර සඳහා අයවැය සමිමතවිමත් සමගම මහනුවර මහනගර සභාවෙි බලය හිමි එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස මෙය පවත්වාගෙන යන බවයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More