කටුගස්තොට පොලිස් භාරයේ සිට සැකකරුවෙක් දිවි නසා ගනී

කටුගස්තොට පොලිසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(31) අලුයම සැකකරු මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ ගංජා ග්‍රෑම් 1ක් සන්තකයේ තබා ගැනීමට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කටුගස්තොට පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට 26 හැවිරිදි තරුණයෙකි.
සැකකරු පොලිසිය විසින් ඊයේ(30) අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව සැකකරු පොලිස් භාරයේ තබා තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.
සැකකරු ඇඳ සිටි ටී ෂර්ටය ආධාරයෙන් සැකකාර තරුණයා පොලිස් කූඩුව තුළදී ගෙල වැළලාගෙන සිට තිබෙනවා.
මියගිය සැකකරුගේ දේහය මහනුවර මහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.