kandy news web
kandy news web

රියර් අද්මිරාල් K.K.T.P.H ද සිල්වා නව නාවික හමුදාපති ධුරයට

0 130

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබෙනවා. 

ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

AD2

ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More