රජරට සරසවියේ පීඨ 4ක් වසා දැමේ

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පීඨ 4 ක් වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පසුගිය 27 වනදා සිට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, පෙරේදා සිට ඔවුන් පරිපාලන ගොඩනැගිල්ල තුළ ද රැදී සිටිමින් සිය විරෝධතාව සිදු කළා.
ඒ, සිසුන්ගේ පන්ති තහනම් ඉවත් කරන ලෙස සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ අනුවයි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණ පීඨ ඊයේ දිනයේ සිට වසා දැමීමට පාලනාධිකරණය පියවර ගෙන ඇත්තේ.